ඇමරිකානු ජනාධිපතිවරයා සමඟ පවතින මතභේද හේතුවෙන් එරට ආරක්ෂක ලේකම් ජේම්ස් එන්. මැතිස් සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.
සිය ඉල්ලා අස්වීමේ ලිපිය ලබාදෙමින් ජේම්ස් මැතිස් ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අදහස්වලට ගැලපෙන ආරක්ෂක ලේකම්වරයෙකු පත්කරගැනීමට ඉඩ සළස්වා තමා ඉල්ලා අස්වන බවයි.
ඇමරිකානු ජනාධිපතිවරයා සිරියාවෙන් ඇමරිකානු හමුදා ඉවත්කර ගැනීමට ගනු ලැබූ තීරණයට එරට ආරක්ෂක ලේකම් ජිම් මැතිස් දැඩිව විරුද්ධ වූ බව පසුගිය දිනවල වාර්තා විය. එසේම ඇෆ්ගනිස්ථානයේ රඳවා සිටින 7000කට අධික ඇමරිකානු සෙබලුන් ඉන් ඉවත්කර ගැනීමට ද ට්‍රම්ප් පාලනය කටයුතු කරමින් සිටියි.
Views: 0










