රාජ්‍ය සහ නියෝජ්‍ය සහ කැබිනට් නොවන ඇමැතිවරු ලෙස මන්ත්‍රීවරු කිහිප දෙනෙකු අද (21) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දී තිබේ.
ඒ අනුව අදාළ දිවුරුම් දීම් සිදු කළ මන්ත්‍රීවරු සහ අමාත්‍යාංශ පහතින් පල වේ.
කැබිනට් නොවන අමාත්‍යවරු
- අජිත් පී පෙරේරා මහතා ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය.
- ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පොදු සැපයීම් සහ ආර්ථික ප්‍රතිසංස්කරණ අමාත්‍ය.
- සුජීව සේනසිංහ මහතා විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය.
රාජ්‍ය ඇමැතිවරු
- රංජන් රාමනායක මහතා මහාමාර්ග සහ මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය.
- ජේ සී අලවතුවල මහතා අභ්‍යන්තර කටයුතු සහ පළාත් සභා රාජ්‍ය අමාත්‍ය.
- ඉරාන් වික්‍රමරත්න මහතා මුදල් රාජ්‍ය අමාත්‍ය.
- විජයකලා මහේෂ්වරන් මහතා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය.
- රුවන් විජයවර්ධන මහතා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය.
- අලි සහීර් මවුලානා මහතා සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය.
- නිරෝෂන් පෙරේරා මහතා ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික රාජ්‍ය අමාත්‍ය.
නියෝජ්‍ය අමාත්‍ය
- බුද්ධික පතිරණ මහතා කර්මාන්ත හා වාණිජ නියෝජ්‍ය අමාත්‍ය.
- නලීන් බණ්ඩාර මහතා ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය.
Views: 0










