ඇලෝසියස්ට පලිසේනට ඇප දෙනවාද නැද්ද? තීරණය ජනවාරි 01ට කල් යයි

ඇලෝසියස්ට පලිසේනට ඇප දෙනවාද නැද්ද? තීරණය ජනවාරි 01ට කල් යයි

මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසියේදි වංචා සිදු කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පර්පචුවල් ට්‍රේෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන යන දෙදෙනාගේ ඇප ඉල්ලීම් පිළිබඳ නියෝගය ලබන 01 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රකාශ කර තිබේ.

මෙම නඩුව අද (20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තියේ නීතිඥවරු විසින් අධිකරණය හමුවේ ඇප ඉල්ලීම් ඉදිරිපත් කර ඇත.

රජයේ පාර්ශව විසින්ද මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම් සිදුකර ඇති අතර ඉන් අනතුරුව ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 01 වනදා ප්‍රකාශයට පත්කරන බවට ප්‍රකාශ කර ඇති ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන් දෙදෙනා එදින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටද නියෝග කර තිබේ.

එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන්ද මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

මේ අතර ඊයේ (19) අපවෙත වාර්තා වූ කරුණු අනුව අර්ජුන් ඇලෝසියස් මහතා ඊයේ රාත්‍රි 07ට පමණ හදිසියේම බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු මෙලෙස බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත්තේ ආණ්ඩුවේ ඉහළ දේශපාලන මැදිහත්වීමක් මත යැයිද වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn