කොළඹ සත්‍යග්‍රහයක නිතර තරුණයන්ට වතුකරයේ සහාය

කොළඹ සත්‍යග්‍රහයක නිතර තරුණයන්ට වතුකරයේ සහාය

වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙසට වතු සමාගම්වලට බල කරමින් වතුකරයේ තරුණයන් පිරිසක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසළ ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට වතුකරයේ ජනතාවගේ සහයෝගය ලැබෙමින් පවතී.

හැටන් වටවල පොලිස් වසමට අයත් මවුන්ජින් වතු යායේ වතු කම්කරුවන් ඉකුත් 04 වෙනිදා සිට තම දෛනික මුලික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙසට වතු සමාගම්වලට බල කරමින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය අඛණ්ඩව තව දුරටත් සිදු කෙරෙමින් පවතින අතර ඊට සමගාමීව තරුණයක් පිරිසක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසළ ඊයේ (19) සිට සත්‍යග්‍රහයක නියැලී සිටිති.

අඔහුන්ට ආශිර්වාද කරමින් මවුන්ජින් වතු යායේ පිහිටි හින්දු කොවිලේදි ආශිර්වාද පුජාවක්ද පවත්වා තිබේ.

එම ආශිර්වාද පුජාවට සහභාගී වු වතු කම්කරුවන් කියා සිටියේ තම මුලික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කර දීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 225 දෙනා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැදිහත් විය යුතු බවයි.

Facebook
Twitter
LinkedIn