නවීන් දිසානායකගේ ප්‍රකාශයට රැකියා විරහිත උපාධිධාරීන්ගෙන් දැඩි විරෝධය

නවීන් දිසානායකගේ ප්‍රකාශයට රැකියා විරහිත උපාධිධාරීන්ගෙන් දැඩි විරෝධය

වසර 06ක කාලයක සිට උපාධිධාරීන් 60,000කට අධික පිරිසක් රැකියා විරහිත පෝලිම්වල සිටියදී ආන්ඩුවේ ඇමැතිවරු කරන නිර්ලැජ්ජීත ප්‍රකාශ තරයේ හෙලා දකින බව රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැදවුම්කරු මහේෂ් විමුක්ති මහතා සඳහන් කරයි.

ඊයේ (17) දින ගෝල්ෆේස් පිටියේ පැවති එ.ජා.ප රැලියේදී නවීන් දිසානායක මහතා කළ ප්‍රකාශය හෙළා දකිමින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මහේෂ් විමුක්ති මහතා…

“නිල් කොළ ආණ්ඩු දෙක යටතේම උපාධිධාරීන් රැකියා විරහිත පෝලිම්වල සිට රැකියා ලැබෙන තුරු කාලයක සිට බලා ඉන්නවා. රැකියා ඉල්ලලා පාරට බහිද්දි පසුගිය ආණ්ඩු උපාධිධාරීන්ට සැලැකිවේ කඳුළු ගෑස්, ජල ප්‍රහාර, බැටන් පොලුවලින් දිගින් දිගටම කරපු උද්ඝෝෂණවල ප්‍රතිඵල විදියට පසුගිය කාලයේ උපාධිධාරීන් 20,000ක පත්විම් ලබා දෙන්න එකග වුනත් පසුගිය අගෝස්තු වල ඉන් 4000කට පමනක් රැකියා ලබා දිලා අදියර 03ක් යටතේ රැකියා ලබා දෙන බවට බොරු පොරොන්දු ලබා දෙමින් උපාධිධාරීන් රැවැටිමට ලක්කලා . පසුගිය කාලයේ මහින්ද, මෙත්‍රි , රනිල් බලසුදුව හමුවේ උපාධිධාරීන් ගේ රැකියාවේ සිහිනය තවදුරටත් බොද වුනා. උපාධිධාරීන් ගේ සිහින තව තවදුරටත් බෙදනොකොට ආන්ඩුව වගකිම්සහගතව කටයුතු කරන්න කියලා බල කරනවා.

මේ අනුව වහාම රැකියා ලබා දීමට ජාතික ප්‍රතිපත්තියක් සකසීමත් කප්පාදුවකින් තොරව සියලු උපාධිධාරීන්ට වහා රැකියා ලබාගැනීම පෙරටුකර ගනිමින් අඛණ්ඩ අරගලවලට අවතීර්නවන බව අපි අවධාරනය කරණවා.” යැයි පැවසීය

සුමුදු කාරියවසම් – ශ්‍රී පුවත්

Facebook
Twitter
LinkedIn