නව අමාත්‍යවරුන්ගේ සුදුසුකම් රටට හෙළිකරන්න – පැෆරල් සංවිධානය

නව අමාත්‍යවරුන්ගේ සුදුසුකම් රටට හෙළිකරන්න – පැෆරල් සංවිධානය

නව කැබිනට් මණ්ඩලයට පත්කරන සෑම අමාත්‍යවරයෙකුගේම එම ධූරය දැරීම සඳහා වන සුදුසුකම රටට හෙලිකරන්නැයි පැෆරල් සංවිධානය ඉල්ලා සිටියි.

කැබිනට් මණ්ඩලයට පත්කරන සෑම අමාත්‍යවරයෙකුගෙන්ම, රාජ්‍ය ආයතන සමඟ සෘජුව හෝ වක්‍රව ව්‍යාපාරික සබඳතා නොපවතින බවට හා එවැනි සබඳතා ඇතිකර නොගන්නා බවට දිවුරුම් ප්‍රකාශයක් ලබාගන්නා ලෙසත් අමාත්‍යවරුන් පත්කිරීමේ දී ඔවුන්ගේ දැනුම හා කුසලතාව පදනම් කරගෙන පත්වීම් ලබාදෙන ලෙසත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා, ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලා ඇත. එසේම අමාත්‍ය ධූර ලබාදීම සඳහා සළකා බැලූ නිර්ණායක රටට හෙළි කරන ලෙසත් ඒ මහතා පවසයි.

බොහෝ දේශපාලනඥයිනගේ ක්‍රියාකලාපය සම්බන්ධව සමාජයේ පවතින පොදු අප්‍රසාදය හේතුවෙන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා මේ මොහොතේ බුද්ධිමත්ව ක්‍රියාකළ යුතු බවත් විශේෂයෙන් විශේෂයෙන් කැබිනට් මණ්ඩලය 30 දෙනෙකුට සීමා කිරීම, ඉකුත් සමයේ බරපතල චෝදනාවලට ලක්වූවන් ඇමැති තනතුරුවලට පත් නොකිරීමට වගබලා ගැනීම මෙන්ම රජය හෝ රාජ්‍ය ආයතන සමඟ ව්‍යාපාරික සම්බන්ධතා පවත්වන පිරිස් පත් නොකිරීමට  ද ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වග බලා ගත යුතු යැයි ද හෙතෙම සඳහන් කළේය.

Facebook
Twitter
LinkedIn