අපි හැප්පුනේ ඇමරිකාවේ CIA එකත් එක්ක

අපි හැප්පුනේ ඇමරිකාවේ CIA එකත් එක්ක

තමන් ඇතුළු කණ්ඩායම “හැප්පුනේ” කරූ ජයසූරිය මහතා සමග හෝ රනිල් වික්‍රමසිංහ මහතා සමග නොවන බවත් තමන් “හැප්පුනේ” ඇමරිකාවේ සී.අයි.ඒ, බ්‍රිතාන්‍යයේ එම්.අයි.සික්ස් වැනි ජාත්‍යන්තර රහස් ඔත්තු සංවිධානත් සමග බවත් මහින්ද පිලේ මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ඒ බව ප්‍රකාශ කරන ලදී.

“ආණ්ඩුවට බහුතරය නැහැ කියලා කතානායකවරයා ප්‍රකාශ කරපු අවස්ථාවේ අත්පුඩි නගා සතුටුවුණු තානාපතිවරුන්ට අද රාත්‍රියේ සුව නින්දක් ලබා ගන්න පුළුවන්.

මතක තියාගන්න අප හැප්පුනේ කරුණාරත්න ජයසූරිය මැතිතුමත් එක්ක නෙවෙයි. අපි හැප්පුනේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්ක නෙවෙයි.

අපි හැප්පුනේ ඇමරිකාවේ සී.අයි.ඒ, බ්‍රිතාන්‍යයේ එම්.අයි.සික්ස් වැනි රහස් ඔත්තු සංවිධානත් එක්ක.” යැයි එහිදී ඔහු වැඩිදුරටත් පැවසීය.

Facebook
Twitter
LinkedIn