(දේවන සංස්කරණය) ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථා විරෝධී යැයි සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ සත් පුද්ගල විසිනුරු මඩුල්ල ඒකමතිකව තීරණය කරමින් සිය තීන්දුව මීට සුළු මොහොතකය පෙර ලබා දී තිබේ.
ජනාධිපතිවරයා විසින් වසර 41/2ක් ගතවීමට පෙර පාර්මේන්තුව විසිරුවා හැරීම ව්‍යවස්ථවට පටහැනි බවත් එය මූලික අයිතිවාසිකම් කඩවීමක් බවත් ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර ඇත.
එම නියෝගය අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය මුළුමනින්ම බල රහිත වේ.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා ඇත්තේ නීති විරෝධීව යැයි සඳහන් කරමින් ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, දෙමළ ප්රගතිශීලී සන්ධානය, සිවිල් සංවිධාන සහ විශේෂයෙන් මැතිවරණ කොමිසමේ සාමාජික එස්. රත්නජීවන් එච්. හූල් මහතාද ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පෙත්සම ගොනු කර තිබිණි.
අගවිනිසුරු නලීන් පෙරේරා, සිසිර ද අබෘ, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ සත් පුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.
නොවැම්බර් මස 12 සහ 13 යන දෙදින තුළ අදාල පෙත්සම් ශ්‍රේෂ්ඨාධීකරණය හමුවේ සලකා බැලුණි. ඉන්පසුව පෙත්සම් විභාග කිරීම දෙසැම්බර් 04, 05, 06 යන දිනයන් හිදී සිදුකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිදු කළේ ය.









