පාර්ලිමේන්තුවේ 117කගේ විශ්වාසය රනිල්ට

රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ ඡන්ද 117 කින් අද (12) සම්මත විය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය අද (12) දිනයේත් සභාවාරයට සහභාගී නොවූ අතර එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු තිදෙනෙකු මෙම යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළේය.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය දීමෙන් වැලකි සිටියේය.

රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පලකන යෝජනාවට තමන් සහාය නොදක්වන බවත් එම ක්‍රියාවලියට තමන් හවුල් නොවන බවත් ජනතා විමුක්ති පෙරමුණ මුල සිට ප්‍රකාශ කර සිටියේය.

Facebook
Twitter
LinkedIn