පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවලින් දෙවතාවකදී පාරාජයට පත්ව ඇති නමුත් මේ වනවිට නීති විරෝධීව අගමැති ධුරයේ රැඳී සිටින නීතිවිරෝධී අගමැතිවරයාටත් එම නීති විරෝධී කැබිනට් මණ්ඩලයටත් එරෙහිව “ක්වෝ වොරොන්ටෝ” රීට් ආඥාවක් ඉල්ලා පාර්ලිමේන්තුවේ මන්ත්රීවරු 122කගේ අත්සනින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම 2019 වසරේ ජනවාරි මස 16 ,17 සහ 18 යන දිනවල වැඩිදුර විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (12) නියෝග කළ අතර ඔවුන්ට එම ධුරවල කටයුතු කිරීම අත්හිටුවමින් නිකුත් කළ අතරු තහනම් නියෝගයද දිගු කර තිබේ.
එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය, සමස්ත ලංකා මහජන කොංග්රසය යන පක්ෂවලට අයත් පාර්ලිමේන්තු මන්ත්රීවරු 122කු ඉදිරිපත් කළ පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කර ඇත.









