ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී පාර්ලිමේන්තුව කැඳවීම තුළින් කථානායක කරු ජයසූරිය මහතා අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
පෙත්සම්කාර නීතිඥ අරුණ ලක්සිරි මහතා කියා සිටින්නේ ඉකුත්දා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අත් හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් ඉකූත්දා තහනම් නියෝගයක් නිකුත් කළ බවයි.
මෙම තහනම් නියෝගය තිබියදී පාර්ලිමේන්තුව කැඳවීම තුළින් කථානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවද එම පෙත්සමෙන් නීතිඥ අරුණ ලක්සිරි මහතා චෝදනා කර තිබේ.
කෙසේ නමුත් පාර්ලිමේන්තුව විසිරුවීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අධිකරණය මගින් අත්හිටුවූ තත්වයක් තුළ ඊට පෙර ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව කැඳවීම සඳහා නිකුත් කළ ගැසට් නිවේදනය බලාත්මක වන අතර ඒ අනුව කතානායකවරයාට පාර්ලිමේන්තුව කැඳවීම අනිවාර්යයෙන්ම කළ යුතුව තිබූ බවත් ඒ අනුව යමින් කතානායකවරයා එසේ පාර්ලිමේන්තුව කැඳවූ බවත් නීති විශාරාධයෝ සඳහන් කරති.
මූලාශ්‍ර දෙරණ










