ප්‍රභූ ආරක්ෂක ගිනි අවි සමඟ අවි ආයුධ රැසක් අත්අඩංගුවට

ප්‍රභූ ආරක්ෂක ගිනි අවි සමඟ අවි ආයුධ රැසක් අත්අඩංගුවට

බේරුවල පත්තේකඩ නිවසක තිබී ප්‍රභූ ආරක්ෂක ගිනි අවි තුනක් ඇතුළු අවි ආයුධ තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

මතුගම කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකය සඳහන් කළේ අදාල නිවස තුළ තිබී ගිනි අවි 13ක් උණ්ඩ 1500ක්, ගිනි අවි කොටස් රැසක් ,  දුනු විදින තුවක්කුවක් , ඉලක්කයට වෙඩි තැබීමේ උපකරණ,  මන්නා පිහි 3 ක් , හොරොයින් මත් කුඩු සහ  ලේසර්  යන්ත්‍රයක් සොයාගත් බවයි.

ගෝනෙකු වෙඩි තබා මරා සුඛෝපභෝගී රථයකින් රැගෙන යන බවට ලද තොරතුරක් මත කරන ලද පරීක්ෂණවලදී බේරුවල පත්තේකඩේ මැණික් ව්‍යාපාරිකයෙකු වන පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් අතර වැඩිදුර විමර්ශනවලදී ගිනි අවි ඇතුළු අවි ආයුධ තොගය සොයාගෙන තිබේ.

මැණික් ව්‍යාපාරිකයා සහ තවත් පුද්ගලෙයකු මේ වනවිට අත්අඩංගුවේ පසුවන අතර පොලිස් පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක වේ.

Facebook
Twitter
LinkedIn