රනිල්ට විශ්වාසය පළකිරීමේ යෝජනාවට ජවිපෙ සහාය නැහැ

රනිල්ට විශ්වාසය පළකිරීමේ යෝජනාවට ජවිපෙ සහාය නැහැ

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළකරමින් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත යෝජනාවට සහය නොදෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (08) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ජවිපෙ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා මේ බව සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළකරමින් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත යෝජනාව, එම යෝජනාව ගෙනඑන්නන්ගේ ක්‍රියාවක් වන බවත් අගමැති පොරයට සහ ආණ්ඩු සෑදීමේ ක්‍රියාවලට ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ නොවන බවත් බිමල් රත්නායක මහතා එහිදී අවධාරණය කළේ ය.

Facebook
Twitter
LinkedIn