තමන් පසුගිය ඔක්තෝබර් 26 වනදා අගමැති ධුරයට පත් කරනු ලැබූ මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 113කගේ බහුතරය ලබා ගැනීමට නොහැකි වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මිල ගණන් ඉහළ ගිය නිසා යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරන වීඩියෝවක් මේ දිනවල මුහුණු පොත ඇතුළු සමාජ ජාල වෙබ් අඩවිවල සීග්‍රයෙන් පැතිර යමින් තිබේ.
තමන් පාර්ලිමේන්තුව විසිරුවාහැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින නඩුවේ තීන්දුව අනුව මේ වනවිට පවතින අර්බුදය විසඳෙන බවත් පාර්ලිමේන්තුව විසිරුවා හැරීම නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළහොත් පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි පුද්ගලයාට අගමැති ධුරය ලබා දෙන බවත් ඔහු තමන් කැමති අයෙකු විය යුතු බවත් මෙහිදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සඳහන් කරයි.
එම වීඩියෝව පහතින් පල වේ.
Views: 0










