ජපානයේ සෝනි සමාගම සහ කොරියාවේ සැම්සුන්ග් සමාගම ඒකාබද්ධව ආරම්භ කරතිබූ LCD රූපවාහිනී සමාගමේ සම්පූර්ණ අයිතිය සැම්සුන්ග් සමාගම වෙත විකුණා දැමීමට සෝනි සමාගම පියවර ගෙන තිබේ.
සෝනි සමාගමේ රූපවාහිනී නිෂ්පාදනය පසුගිය වසර 07 තුළ පාඩු ලැබීමත් සමග තම සමාගමට හිමි කොටස් ඩොලර් මිලියන 939 ක මුදලකට සැම්සුන්ග් වෙත විකුණා දැමීමට සෝනි සමාගමට සිදුවිය. ඒ අනුව සැම්සුන්ග් සමාගම ලෝකයේ විශාලතම රූපවාහිනී සමාගම හා පැතලි තිර නිෂ්පාදකයා බවට පත්වෙයි.
2004 වසර්ෂයේදී සමාගම් දෙක විසින් මුදල් ආයෝජනය කර මෙම රූපවාහිනී සමාගම පරාජිත කලේ ලෝක ආර්ථිකය ඉහළ යමින් තිබියෙදී පාරිභෝගික ඉල්ලුම සපුරාලීම වෙනුවෙනි. එහෙත් 2008 ආර්ථික අර්බුදය සමග සියල්ල කනපිට හැරුණු අතර පාරිභෝගික ඉල්ලුම පහළ ගියේය. එසේම චීන නිෂ්පාදන අඩුමිලට වෙළදපලට පැමිණීමත් සමග LCD රූපවාහිනී නිෂ්පාදනයේ ලාභ තීරුව පහළ ගියේය.
Views: 0









