චීනය, රුසියානු ආර්ථික සමුළුවට එක්වීමට නියමිතයි

චීනය, රුසියානු ආර්ථික සමුළුවට එක්වීමට නියමිතයි

රුසියාව සංවිධානය කර ඇති ආර්ථික සමුළුවක් සඳහා සහභාගීවීමට චීන ජනාධිපති ෂී ජින්පින් සිය කැමැත්ත ප්‍රකාශ කර තිබේ.

ලබන සැප්තැම්බර් 11 වනදා රුසියාවේ ව්ලැඩ්වොස්ටොක් නුවරදී ආරම්භ වන ආර්ථික සමුළුව සැප්තැම්බර් 13 වනදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

සමුළුව සඳහා උතුරු කොරියානු නායක කිම් ජොන් අන් මහතාටද ඇරයුම් ලැබී ඇති අතර මෙතෙක් කොරියාව ඊට ප්‍රතිචාර දක්වා නැත.

කෙසේ වෙතත් ලෝක ආර්ථික බලවතෙකු මෙන්ම ඇමරිකාවේ ප්‍රධාන ආර්ථික සතුරෙකුවන චීනය, රුසියානු ආර්ථික සමුළුවකට සහභාගීවීම ලෝක ප්‍රජාවගේ අවධානය දිනාගෙන ඇත.

Facebook
Twitter
LinkedIn