“සිංගප්පූරු – ශ්‍රී ලංකා නීති විරෝධී හොර වෙළඳ ගිවිසුමට විරුද්ධ විය යුත්තේ ඇයි?” යනුවෙන් කරුණු ගණනාවක් අඩංගු අත්පත්‍රිකාවක් ජනතාව අතර බෙදාහැරීමට ජනතා විමුක්ති පෙරමුණ අද (07) කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් ආරම්භ කරන ලදී.
මෙයට සමගාමීව ඉදිරි දිනවලදී දිවයින පුරා මෙම අත්පත්‍රිකා බෙදමින් ජනතාව දැනුවත් කිරීමට නියමිතය.
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, මධ්‍යම කාරක සභිකයින් වන පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ, පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි, පළාත් සභා මන්ත්‍රී නීතීඥ සුනිල් වටගල යන මහත්වරු ඇතුළු ජවිපෙ ක්‍රියාකාරීන් පිරිසක් ඊට එක්වී සිටියහ.
88




















