පාර්ලිමේන්තුව 05, 06 වහන කතා බොරු

පාර්ලිමේන්තුව 05, 06 වහන කතා බොරු

2018 සැප්තැම්බර් මස 05 සහ 06 දිනයන්හි පාර්ලිමේන්තුව කල්තැබීමක් පිළිබඳව තමා වෙත උපදෙස් ලැබී ඇතැයි කතානායකවරයා පැවසුවේ යැයි සඳහන් කරමින් ඊයේ (02) පුවත්පත්වල දේශපාලන තීරු ලිපියේ සඳහන් වූ තොරතුර මුළුමනින්ම සාවද්‍ය බව කතානායක කරූ ජයසූරිය මහතා අවධාරණය කරයි.

තමන් වෙත කිසිදු පාර්ෂවයකින් එවැනි උපදේශයක් ලැබී නැතැයිද කතානායකවරයා පෙන්වා දෙයි.

පක්ෂ නායක රැස්වීමේදී හෝ වෙනත් කිසියම් ස්ථානයකදී තමාට එවන් උපදෙස් ලැබී ඇති බවට කථානායකවරයා විසින් කිසිදු ප්‍රකාශයක් කර නොමැති බවද කියා සිටියි.

එමෙන්ම, අදාල දිනයන්හි පාර්ලිමේන්තුව කල්තැබීමේ කිසිදු අවශ්‍යතාවයක් පැනනැගී නොමැති  බවද කතානායකවරයා අවධාරණය කරයි.

කථානායක මාධ්‍ය අංශය විසින් නිවේදනයක් යොමු කරමින් මේ බව සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn