ඉන්දියාවේ නව විදේශ ඇමැතිවරයා මේ වනවිට පත්කර ඇතැයි එරට මාධ්‍ය වාර්තාකරයි. ඒ අනුව 59 හැවිරිදි සල්මාන් කුර්ෂිඩ් එම තනතුරට පත්කර ඇත.
ඉන්දීය අගමැති මන්මෝහන් සිං විසින් සිදුකරනු ලැබූ කැබිනට් සංශෝධනය අනුව මෙම නව පත්වීම සිදුකර ඇත. ඊයේ (28) ඉන්දීය කැබිනට් සංශෝධනය සිදුකරනු ලැබූ අතර ඇමැතිවරු 22 දෙනෙක් ඊයේ යළි දිවුරුම් දී තිබේ. මේ පිරිසට කැබිනට් ඇමැතිවරු 7 ක්ද රාජ්‍ය ඇමැතිවරු 15 ක්ද අයත් වෙති.
මෙහිදී හිටපු විදේශය අමාත්‍ය එස්.එම්. ක්‍රිෂ්ණා මහතාට යම් තනතුරක් ලැබුනේද යන්න තවමත් සඳහන්ව නැත.
Views: 0









