තායිලන්තයේ සිට ලා ඕසය දක්වා ව්යාඝ්ර පැටවුන් 16 දෙනෙකු තම ට්රක් රථය තුල සගවාගෙන ප්රවාහනය කරමින් සිටි තායිලන්ත ජාතිකයෙකු ලා ඕස දේශසිමාව ආසන්නයේදී අත්අඩංගුවට ගැනීමට තායිලන්ත ආරක්ෂක අංශ සමත්ව තිබේ.
ප්ලාස්ටික් පෙට්ටි 8ක් තුල සගවාගෙන ව්යාඝ්ර පැටවුන් 16 දෙනා ලා ඕසය වෙත ප්රවාහනය කිරීම වෙනුවෙන් තමන් හට බාත් 15000 ක මුදලක් ලැබුණු බව අත්අඩංගුවට පත්වූ ට්රක් රථ රියදුරා පවසා ඇත.
ව්යාඝ්රයා ලොව දැඩි ලෙස වදවී යාමේ තර්ජනයට ලක්ව ඇති සත්වයෙකු වන අතර ඖෂධ නිපදවීම සදහා විශාල වශයෙන් ඝාතනය කරනු ලබන සත්ව කොට්ඨාශයකි.
උප විශේෂ 6 කට අයත් ව්යාඝ්රයන් 3000 කට මදක් වැඩි ප්රමාණයක් රටවල් 13 ක ඇති වන ගහණයන් තුල ජීවත් වන අතර මේ වසර ආරම්භයේදී එම රටවල් විසින් ව්යාඝ්රයන් ආරක්ෂා කරගැනිම සදහා දැඩි නීති රීති යටතේ ඒකාබද්ධ කි්රයාමාර්ගයන් ගැනීමට ගිවිස ගත්හ.
Views: 0









