කියුබානු තානාපතිණියට විද්වත් වෘත්තිකයන්ගෙන් උපහාර

විද්වත් වෘත්තික සංසදයේ සාමාජිකයන් සේවය අවසන්කර කියුබාව බලා පිටත්වීමට නියමිත හිටපු තානාපතිනී නර්සියා කස්ත්‍රෝ ගුවේරා මැතිනිය හමුවී ඇයට උපහාර දැක්වූ බව විද්වත් වෘත්තික සංසදයේ ප්‍රධාන ලේකම් ආචාර්ය රොහාන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

ඒ මහතා වැඩිදුරටත් පැවසූවේ “සේවය අවසන්කර කියුබාව බලා පිටත්වීමට නියමිත හිටපු තානාපතිනී නර්සියා කස්ත්‍රෝ ගුවේරා මැතිනිය හමුවී ඇය ශ්‍රී ලංකාව වෙනුවෙන් සිදුකළ සේවය පිළිබඳ ඇගයීමක් කළා. කියුබාවේ සමාජවාදී අධ්‍යාපනය, සෞඛ්‍යය සහ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව ජාතික විද්වත් වෘත්තික සංසඳය සමග එකාබද්ධව රටේ ජනතාව දැනුවත් කිරීමට වැඩසටහන් දියත් කළා. ඒ අවස්ථාවලදී කියුබානු තානාපතිනිය දැක්වූ සහයෝගය පිළිබඳවත් අගය කිරීමක් කළා. එම කටයුතු ඉදිරියට කරගෙන යාම පිළිබඳව සාකච්ඡා පැවැත්වූවා.” යනුවෙනි.

එම අවස්ථාවට ජාතික විද්වත් වෘත්තික සංසදයේ ප්‍රධාන ලේකම් ආචාර්ය රොහාන් ප්‍රනාන්දු මහතා, එහි විධායක සභිකයින් වන විශේෂඥ වෛද්‍ය ආර්. ඒ. චන්ද්‍රසේන මහතා සහ ඉංජිනේරු තිලක් පට්ටියකුඹුර මහතාද සහභාගිවී තිබේ.

එහිදී හිටපු තානාපතිනියට සමරු තිළිණයක්ද ප්‍රදානයකර ඇත.

Facebook
Twitter
LinkedIn