පාකිස්තාන ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානමක් ඇතැයි ආරංචි පැතිර යයි

හෘද රෝගයකට ප‍්‍රතිකාර ගැනීම සඳහා පාකිස්තාන ජනාධිපති අසීෆ් අල් සර්දාරී, පෙරේදා (7) ඩුබායි බලා පිටත්වීමත් සමඟ ඔහු ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවට ආරංචි පැතිර ගියේය.

 

 

පාකිස්තාන අගමැති කාර්යාලය නිවේදනය කරන්ෙන්  අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන්, පාකිස්තාන ජනාධිපතිවරයා, සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඩුබායි ගිය බවත් ඔහු ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර නැති බවත්ය.

අගමැති කාර්යාලය වැඩිදුරටත් කියා සිටියේ ජනාධිපතිවරයා, වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට යොමු වීමෙන් පසු සියරට පැමිණෙනු ඇති බවය.

කෙසේ නමුත් රොයිටර් ඇතුළු විදෙස් පුවත් සේවා වාර්තා කර තිබුණේ ජනාධිපති සර්දාරි ඩුබායි ගියේ සුළු හෘදයාබාදයකට ලක්වීමෙන් පසුව බවූය.

ඉකුත් මැයි මාසයේ පාකිස්තානයේ ඇබොට්ටාබාද් නුවර සැඟවී ජීවත් වූ අල් කයිඩා නායක බින් ලාඩන් ඇමෙරිකා හමුදාව අතින් ඝාතනය වීමත් ඇමෙරිකා සහ නේටෝ ප‍්‍රහාරවලින් දිගින් දිගට පාකිස්තාන සිවිල් වැසියන් ඝාතනය වීමත් සම්බන්ධයෙන් ජනාධිපති සර්දාරිට එරෙහි දැඩි ජනතා විරෝධයක් හට ගැනුණි. පාකිස්තාන ජනතාව චෝදනා කරන්නේ සර්දාරි, ඇමෙරිකාවේ වහලකු වී ඇති බවය.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්