ග්‍රීක පාර්ලිමේන්තුව විසින් සම්මත කර ගැනීමට අපේක්ෂා කරන අලුත්ම පටි තද කිරීමේ ක්‍රියාමාර්ග වලට එරෙහිව පැය 48ක සමස්ත මහා වැඩවර්ජනයක් අද (19) ආරම්භ වී තිබේ.
ආණ්ඩුවේ නව වියදම් කපා හැරීමේ තීරණ අතර බදු නැංවීම, වැටුප් කප්පාදුව, හා රැකියා කප්පාදු කිරීම ඇතුලත් බව සදහන්ය. දැනටමත් විශාල වියදම් සීමා කිරීමේ පියවරවල් බුක්ති විදිමින් සිටින ග්‍රීක වැසියෝ නව තීරණවලට එරෙහිව දස දහස් ගණනින් වීදී බසිමින් සිටිති. දැඩි ආරක්ෂක රැකවල් පැවතියදී පවා පනස් දහසකට අධික පිරිසක් ඇතැන්ස් අගනුවරට රැස්වෙමින් සටින බව වාර්තාවේ. දෙවැනි විශාලතම නගරය වන කෙසෙලොනික් හි විරෝධතා උද්ඝෝෂණ පවත්වමින් සිටිති.
8









