හෙට පල්ලේකැලේ ජාත්‍යන්තර කී‍්‍රඩාංගනයේදී පැවැත්වීමට නියමිත ශී‍්‍ර ලංකා – එංගලන්ත සුපර් 8 වටයේ තරගයෙන් ජය ලැබීමට නම් ඉයෝන් මෝර්ගන් සහ ලූක් වේට් යන ලකුණු අතර සිටින එංගලන්ත ප්‍රහාරක පිතිකරුවන් දෙදෙනා ඉක්මනින්ම දවාගත යුතු බව ශි‍්‍ර ලංකා පිලේ නායක මහේල ජයවර්ධන පවසයි.
සුපර් 8 වටයේ මුහුණ දීමට තිබූ තරග 3න් 2ක්ම ජයග්‍රහණය කර ඇති ශී‍්‍ර ලංකා කන්ඩායම අවසාන පූර්ව වටයට පිවිසීමට ඉතාමත් ආසන්නව සිටින අතර බටහිර ඉන්දීය කොදෙව් කන්ඩායම සමග තරගයෙන් පරාජය වූ එංගලන්ත කන්ඩායම තරගාවලිය තුල රැදී සිටීමට නම් මෙම තරගය ජයගත යුතුව තිබේ.
පසුගිය වර 20-20 ලෝක ශූරයන් වූ එංගලන්තය සහ ශී‍්‍ර ලංකා කන්ඩායම අතර තරගය හෙට (සැප්. 01) සවස 7.30 ට පල්ලේකැලේ ජාත්‍යන්තර කී‍්‍රඩාංගනයේදී ආරම්භ වේ.
Views: 0









