ග‍්‍රෑන්ඩ්පාස් ප‍්‍රදේශයේ නාදුනන මළ සිරුරක්

කොළඹ ග‍්‍රෑන්ඩ්පාස් ප‍්‍රදේශයේ කළුපාලම අසළ තිබී නාදුනන පිරිමි මළ සිරුරක් හමුවී ඇතැයි වාර්තා වේ.

මේ පිළිබඳව ග‍්‍රෑන්ඩ්පාස් පොලිසිය සඳහන් කර ඇත්තේ, එම මළ සිරුර හඳුනාගැනීමට අපහසු තරමට නරක් වී ඇති බවයි.

මේ වනවිට මරණය සම්බන්ධයෙන් මහේස්ත‍්‍රාත් පරීක්ෂණය සිදුකර ඇති අතර කොළඹ ජාතික රෝහලේ දී පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමට නියමිත බවද සඳහන්.‍

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ග‍්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් පවත්වන බවද පැවැසේ.

 

Facebook
Twitter
LinkedIn