පොලීසියේ ඉහළ හදිසි මාරුවක්

පොලීසියේ ඉහළ හදිසි මාරුවක් සිදුකර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා ලබන සඳුදා (1) සිට සබරගමුවට මාරු කර ඇති අතර සබරගමු නියෝජ්‍ය පොලිස්පතිවරයා දකුණු පළාතට යවා ඇත.

මෙම මාරුකිරීම පිළිබඳ පැතිර ඇති කතාබහක්ද ඇත. එනම් තම මන්ත්‍රීතුමාගේ තරම දැනගත හැකි වෙතියි දකුණු පළාත් මන්ත්‍රීවරයකුගේ ලේකම්වරයකු පසුගිය 25 වැනි දා ජයසිංහ මහතාට ලිපියකින් දන්වා ඇත. එසේ යවා ඇති  ලිපිය හා මෙම මාරුව අතර සම්බන්ධයක් ඇති බවද විශ්වාසකටයුතු ආරංචිමාර්ග පවසයි.

ආශ්‍රිති පුවත්

පොලීසියේ ඉහළ නැවතත් වෙනස්කම් කිහිපයක්

Facebook
Twitter
LinkedIn