ලන්ඩන්ගිය මෙරට සිසුන් අනාතයි

ලන්ඩනයේ “ලන්ඩන් මෙට්රො පොලිටන්” විශ්වවිද්‍යාලයට විදේශ ශිෂ්‍යයන් බඳවා ගැනීමට අවසර දී තිබූ බලපත්‍රය අවලංගු කිරීම නිසා ශ්‍රීලාංකික ශිෂ්‍ය ශිෂ්යා වන් ඇතුළු 1,600 දෙනකුට අධික විදේශ සිසුන් පිරිසක්‌ අතරමං වී තිබේ.

දැනට එංගලන්තයේ සිටින ශිෂ්‍ය ශිෂ්‍යා වන් නැවත විශ්වවිද්‍යාල ගාස්‌තු ගෙවා වෙනත් විශ්වවිද්‍යාලයකට ඇතුළත් නොවුණහොත් ඔවුහු බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කරනු ලැබෙති.

මේ දිනවල වාර අවසාන නිවාඩු කාලය ගත කිරීම සඳහා තම රටවලට ගොස්‌ සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවවන්ටද බලධාරීන් අනුමත කරන ලද වෙනත් විශ්වවිද්‍යාලයකට ඇතුළත් නොවුණහොත් නැවත එංගලන්තයට පැමිණීමට නොහැක.

මේ දිනවල ශ්‍රී ලංකාවේ නිවාඩුව ගත කරන “ලන්ඩන් මෙට්රෝ පොලිටන්” විශ්ව විද්‍යායේ සිසුන් කොළඹ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්‌ කාර්යාලයට ගොස්‌ උපදෙස්‌ ලබාගන්නා ලෙස එම විශ්වවිද්යාරලයේ උප කුලපති මහාචාර්ය මැල්කම් ජිල්ස්‌ මහතා පවසයි.

Facebook
Twitter
LinkedIn