චීනයේ ෂිචුවාන් ප්‍රාන්තයේ මාඕ ෂියාන් ප්‍රදේශයේ අද (24) අළුයම කන්දක් නාය යෑමෙන් සිදු වූ අනතුරින් නිවාස 62ක වාසය කළ පුද්ගලියින් 120ක් පමන අතුරුදන්ව ඇති බව වාර්තා වේ.
ටිබෙටයට ආසන්නයේ මාඕ ෂියාන් ප්‍රදේශයේ පිහිටා ඇති අතර ඊයේ (23) දිනයේ සිට ඇදහැලෙමින් තිබෙන අධික වර්ෂාවත් සමග මෙම කන්ද නාය ගොස් ඇති අතර කන්ද නාය යෑමෙන් ඒ ආසන්නයෙන් ගලා බසිනා ගංගාවක් කිලෝ මීටර් 2ක් ද ප්‍රධාන මාර්ගය මීටර් 1600ක් පමණද සම්පූර්ණයෙන්ම යට වී ඇතැයි පැවසේ.
මේ වනවිට ගිනි නිවන භටයින්, හමුදා සෙබලු, වෛද්‍ය කණ්ඩායම් හා ආපදා සහන කණ්ඩායම් වලට අයත් දහසකට ආසන්න පිරිසක් මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා එක්ව ඇති බව වාර්තා වේ.
Views: 0














