ඩෙංගු ප්‍රශ්නයෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි – විනාඩි කිහිපයකට කල් තබයි

ඩෙංගු ප්‍රශ්නයෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි – විනාඩි කිහිපයකට කල් තබයි

ඩෙංගු සම්බන්ධයෙන් මතුකළ ප්‍රශ්නයක් හේතුවෙන් පාර්ලිමේන්තු සභා ගැබ අද (20) උණුසුම් වූ අතර ඒ හේතුවෙන් කල් තැබූ පාර්ලිමේන්තුව යළි පස්වරු 2.10 ට ආරම්භ විය.

ඩෙංගු තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කිරීම සඳහා සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පැමිණීමට නියමිත බව කථානායකවරයා සභාවට දැනුම් දුන් අතර යළි පස්වරු 2.35ට පාර්ලිමේන්තුව කල් තැබිණි.

ඩෙංගු ව්‍යාප්තිය පිළිබදව පාර්ලිමේන්තුවේ ඇතිවූ උණුසුම් තත්ත්වය හේතුවෙන් පක්ෂ නායක රැස්වීමක් කැඳවීමටද කතානායක වරයා කටයුතු කර ඇත.

මේ වනවිට සභාව යළි රැස්වී ඇති අතර සෞඛ්‍ය අමාත්‍යවරයා සිය විශේෂ ප්‍රකාශය සිදු කරමින් සිටියි.

Facebook
Twitter
LinkedIn