කිරිගොවියත් පාරට බහින්න සූදානම් – ඊට පෙර අර්බුදය විසඳනු!

කිරිගොවියත් පාරට බහින්න සූදානම් – ඊට පෙර අර්බුදය විසඳනු!

දේශීය කිරි කර්මාන්තය වර්තමානයේ වැටි ඇති අර්බුදය විසඳීමට ආණ්ඩුව වහාම පියවර ගත යුතු බවත් එසේ නොවුනහොත් ඉදිරි දින කිහිපය තුළ කිරි ගොවියා සමග පාරට බසින බවත් සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ‍පසුගිය 16වනදා දඹුල්ලේ කිරිගොවිපලකදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

මේ වනවිට ගොවියන්ගෙන් මිලදී ගන්නා දියර කිරි විශාල වශයෙන් වළලමින් සිටින බවත් එම කිරි ආශ්‍රිතව නිශ්පාදනවලට යාම සඳහා විශය භාර ඇමති පී. හැරිසන් මහතාට කිසිඳු වැඩපිළිවෙලක් නැති බවත් එහිදී අවධාණය කළේ ය.

අඹේවෙල ඉදිකළ නව කිරි කර්මාන්තශාලාවේ වැඩ 2015 වනවිට අවසන් කළ නමුත් එය මේ දක්වා විවෘත කර නැති බවත් නාමල් කරුණාරත්න මහතා අවධාරණය කළේ ය. එම කිර්මාණ්ත ශාලාව මගින් නිශ්පාදන කටයුතු ආරම්භ කළේ නම් දිනකට දියර කිරි ලීටර් ලක්ෂ 03කින් පිටි කිරි නිශ්පාදනය කළ හැකි බවත් ඒ මහතා සඳහන් කරයි.

මේ වනවිට කිරි ගොවියන්ගේ ගිණුම්වලට නිසි ලෙස මුදල් බැර නොවන බවත් ඒ හේතුවෙන් සේවක වැටුප් ගෙවාගැනීමට පවා නොහැකිව කිරි ගොවියා දැඩි අර්බුදයකට ලක්ව ඇති බවත් තව දුරටත් මෙය ඉවසා සිටිය නොහැකි තත්වට පැමිණ ඇති බවත් නාමල් කරුණාරත්න මහතා ආණ්ඩුවට අවධාරණය කළේ ය.

රුපියල් ලක්ෂ හතර හමාරක් වැයකර පසුගියදා ගවයන් දෙදහසක් පිටරටින් ගෙන්වා ඇති බවත් එම ගවයන් එක ගොවියෙකුට ලක්ෂ දෙක බැගින් ලබා ගැනීම සඳහා ගොවීන් 5600ක් ඉල්ලුම් කළ නමුත් ලබා දී ඇත්තේ 19දෙනෙකුට පමණක් බවත් නාමල් කරුණාරත්න මහතා එමිදී අවධාරණය කළේ ය.

දේශපාලන හිතවත්කම් මත පී. හැරිසන් අමාත්‍යවරයා ජාවාරමක නිරතව ඇති බවත් කිරි ගොවිතැනෙහි නරතවන කිරිගොවීන් සිටියදී වෙනත් පාර්ශවයන්ටද ගවයන් ලබා ඇති බවත් ඒ මහතා අනාවරණය කළේ ය.

වී ලබාදීමේදී ජවාරම් කරුවන් කිහිපදෙනෙකුට කුණුකොල්ලයට වී ලබාදුන්නා ලෙස ගවයන්ද ලබා ඇති බවත් මත්පැන් කර්මාන්තයේ නියැලී සිටින ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතාට පමණක් කිරි ගවයන් 400ක් ලබා දී ඇති බවත් නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn