කාලෝ වෛද්‍ය සභාවෙන් ඉවත් කිරීමේ කූට උත්සාහයක

කාලෝ වෛද්‍ය සභාවෙන් ඉවත් කිරීමේ කූට උත්සාහයක

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයේ කටයුතු කරන මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ ධුර කාලය මේ මස 30වනදායින් අවසන් වන අතර ඒ සඳහා කාලෝ ෆොන්සේකා මහතාගේ කාලය දීර්ඝ නොකර සයිටම් වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙකු සභාපති තනතුරට පත් කිරීමේ කූට උත්සාහයක ආණ්ඩුව නිරතව සිටින බව වාර්තා වේ.

එම ධුරය සඳහා නැවත වතාවක් කාලෝ ෆොන්සේකා මහතාවම පත් කරන ලෙස තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයාගේ ධූර කාලය තාවකාලිකව විටින් විට දීර්ඝ කරනු වෙනුවට ස්ථිර වශයෙන් ඔහුට එම ධූරය පිරිනැමිය හැකි යෝජනා තම සංගමය සෞඛ්‍ය ඇමැතිවරයාට ලබාදී ඇතැයිද ඒවා සෞඛ්‍ය ඇමැතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුතු බවද වැඩිදුරටත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn