වෙනිසියුලාවට නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කර සම්මත කර ගැනීම සඳහා පිහිටුවා ගැනීමට යෝජිත ව්‍යවස්ථාදායක මණ්ඩල නියෝජිතයන් පත් කර ගැනීමේ මැතිවරණය ජූලි මස 30 වැනිදා පැවැත්වීම එරට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අනුමත කර ඇතැයි වාර්තා වේ.
වෙනිසියුලාවේ වත්මන් නීතිපතිනිය වන ලුසියා ඔටේගා ව්‍යවස්ථාදායක මණ්ඩලය සඳහා නියෝජිතයන් පත් කර ගැනීමට ජනාධිපති මධුරෝ විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනවාව වළක්වා ගැනීම සඳහා වූ අභියාචනයක් ඉදිරිපත් කර තිබූ අතර එය ප්‍රතික්ෂේප කරමින් අධිකරණය මෙම තීන්දුව ලබා දී තිබේ.
ජනාධිපති මධුරෝ සහ නීතිපතිනිය අතර මතුව ඇති මතභේදාත්මක තත්වය පිළිබඳව මධුරෝ පාක්ෂිකයන් නීතිපතිනිය විවේචනය කරමින් පවසා ඇත්තේ ඇය අගතිගාමී ලෙස කටයුතු කරන බවයි. නමුත් මධුරෝ පාලනයට එරෙහි විරුද්ධ පාක්ෂකයින් ඇයට පක්ෂපාතීත්වය දක්වමින් අදහස් පළකර ඇති බව පැවසේ.
Views: 0










