බටහිර ප්‍රහාරයන් හරහා අභියෝගයට ලක්වන ලෝක සංහිඳියාව!

බටහිර ප්‍රහාරයන් හරහා අභියෝගයට ලක්වන ලෝක සංහිඳියාව!

ශීතල යුද සමයේ රුසියාව හා ඇමෙරිකාව අතර පැවති ආකාරයේ කුපිත කිරීමේ ක්‍රියාකාරකම් රුසියානු දේශසීමාව ආසන්නයේ සිදු වෙමින් පවතින බවට මාටින් සම්මර්ස් නැමති ලේඛකයා මාධ්‍ය වෙත පවසා තිබේ.

ඇලෙස්කාව සහ දකුණු කොරියාව තුළ  දැනට ස්ථාන ගත කර ඇති ඇමෙරිකානු මිසයිල පිළිබඳව විදෙස් මාධ්‍යවේදීන් රුසියානු ජනාධිපතිවරයාගෙන් විමසූ අවස්ථාවේදී ජනාධිපති පූටින් පවසා ඇත්තේ එවැනි ක්‍රියාවන් තුළ අසරණව බලා සිටීමට තමන් සූදානම් නැති බවත් එම අභියෝගයට මුහුණ දීමට අවශ්‍ය පියවර ගැනීම අනිවාර්යයෙන් සිදුකරන බවත්ය.

බටහිර මාධ්‍ය හා බටහිර රටවල් රුසියානු ජනතාව බිඳවැට්ටවීම සඳහා විවිධ ප්‍රකාශයන් හරහා උත්සාහ කරමින් සිටින අතර රුසියානු දේශපාලනය විකෘති කරමින් ප්‍රචාරයන් සිදු කරමින් සිටින බවත් පූටින් එහිදී ප්‍රකාශ කර ඇත. රුසියාව යනු බහු පක්ෂ ක්‍රමයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී රටක් වන අතර ඇමෙරිකා, ප්‍රංශ හෝ ජර්මන් මැතිවරණයන්ට ඇඟිලි ගැසීම් සිදුකිරීමට තමන්ට කිසිසේත් අවශ්‍ය නොවන අතර තමන්ට අවශ්‍ය මතයන් බලහත්කාරයෙන් තහවුරු කිරීමට බටහිර ප්‍රචාරයකයන් දරන උත්සාහයෙන් අවසානයේ අභියෝගයට ලක්වන්නේ ලෝක සංහිඳියාව බව ඔවුන් අවධානයට ගත යුතු යැයි පූටින් වැඩිදුරටත් පප්‍රකාශ කර තිබේ.

Facebook
Twitter
LinkedIn