නලයක් තුළ ඉදිකරනු ලැබූ මාර්ගයක විද්‍යුත් හා චුම්භක බලයෙන් ක්‍රියාත්මක වන අධිවේගී යානාවක් යොදා ගනිමින් මගීන් ප්‍රවාහනය කළ හැකි ක්‍රමවේදයක් පිළිබඳව අත්හදා බැලීම් සිදුකෙරෙමින් පවතින බව වාර්තා වේ.
අනාගතයේදී අත්‍යාවශ්‍ය වඩාත් වේගවත්, ආරක්ෂාකාරී ප්‍රවාහන ක්‍රමයක් ලෙස මෙම පද්ධතිය භාවිතාවට ගැනීමට සැලසුම් කෙරෙමින් පවතින බව පැවසේ. ‘හයිලුප්‘ ක්‍රමය නමින් හඳුන්වා දී ඇති මෙම ප්‍රවාහන ක්‍රමවේදය 2013 වසරේදී එලෝන් මස්ක් නැමති විද්වතා ලොවට ඉදිරිපත් කර තිබූ අතර විශාල මගීන් ප්‍රමාණයක් විද්‍යුතය සහ චුම්භකත්වය උපයෝගී කර ගනිමින් අවම ඝර්ෂණයක් තුළ අධික වේගයකින් ගමන් කරවීම මෙම ක්රමයේ මූලික සිද්ධාන්තය වී ඇති බව පැවසේ.
දැනට නෙදර්ලන්තයේ ඩෙල්ෆ්ට් කාර්මික විශ්වවිද්‍යාලයේදී මෙම හයිලුප් ප්‍රවාහන ක්‍රමය පිළිබඳ ප්‍රායෝගික අත්හදා බැලීම් සිදුකෙරෙමින් තිබෙන අතර මේ සඳහා මූලික වී ඇති ග්ලෝබල් මොබිලිටි සමාගමේ නිලධාරියෙක් වන ටිම් හවුටර් ප්‍රකාශ කර ඇත්තේ වඩාත් සුවිශේෂ වූ මෙම ප්රවවාහන ක්‍රමවේදය පොදු මගී ප්‍රවාහන ක්‍රමයක් ලෙස යොදා ගැනීම තම මූලික ඉලක්කය වී ඇති බවයි.










