ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට අනුබල දීම පරීක්ෂණ වෙනතක යොමු කිරීම ආදී කරුණ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර භාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට ඇප ලබා දෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරනය තව සුළු මොහොතකින් ලබා දීමට නියමිතය.
වසරකට වැඩි කලක් රක්ෂාත බන්ධනාගාර භාරයේ තැබීම නීතියට පටහැනි බව අනුර සේනානායක මහතාගේ නීතිඥයන් අද (01) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත. පුද්ගලයකු වසරකට වැඩි කාලයක් රිමාන්ඩ් කරන්නේ නම් ඇප පනතේ 17 වැනි වගන්ති ප්‍රකාරව මහාධිකරණයේ විශේෂ අවසරයක් ලබාගත යුතු බව ඔහුගේ නීතිඥවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා ඇත.
නමුත් එවැනි නීත්‍යනුකූල අන්දමින් කටයුතු කර නොමැති හෙයින් තවදුරටත් අනුර සේනානායක මහතා රක්ෂිත බන්ධනාගාර භාරයේ තබා ගැනීමෙන් ඔහුගේ ව්‍යුහගත මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි නීතිඥවරයා කියා තිබේ.
මේ සම්බන්ධයෙන් තීරණයක් දැනුම් දීමට මහේස්ත්‍රාත්වරයා මීට පැය කට පමණ පෙර පැය දෙකක කාලයක් ඉල්ලා සිටි ඇත. ඒ අනුව තව සුළු මොහොතකින් ඒ සම්බන්ධ තීරණය අධිකරණය විසින් ලබා දෙනු ඇත.
මේ අතර නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා ඇත්තේ ඔහුට ඇප දීමට හෝ මුදාහැරීමට බලයක් ඇත්තේ මහාධිකරණයේ බවත් ඒ සඳහා ඔහු විසින් මහාධිකරණයට ඇප අයදුම්පතක් යොමු කර ඇති නිසා ඒ සම්බන්ධයෙන් හෙට (02) මහාධිකරණය ඒ සම්බන්ධයෙන් සැලකිල්ලට ගනු ඇති බවත් ය.
අනුර සේනානායක මහතා රක්ෂිත බන්ධනාගාර ගත වූයේ පසුගිය වසරේ මැයි 23 වැනිදා ය.










