විදුහල්පති ඝාතනයට වම්බොට්ටා අල්ලයි

ගාල්ල යක්‌කලමුල්ල මිනුවන්දෙණිය කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිවරයා කෲර අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු බව කියන දුමිඳු සම්පත් නොහොත් “වම්බොට්‌ටා” නමැත්තා යක්‌කලමුල්ල ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී ඊයේ (30) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

ඔහුගේ බාප්පා සහ ඝාතනය සඳහා යොදාගත් පිහිය ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

විදුහල්පතිවරයා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් හයදෙනකු අත්අඩංගුවට ගෙන සිටින අතර තවත් සිව්දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn