වන උයනේ කිඹුලා කන්න දුන් අත කඩන් කයි

ඇමරිකා එක්සත් ජනපදයේ ෆලොරිඩා ප‍්‍රාන්තයේ වන සංචාරයක යෙදී සිටියදී කිඹුලෙකු විසින් අත කඩා ගත් පුද්ගලයෙකු වන සතුන්ට නීති විරෝධි ලෙස  ආහාර ලබා දීම සම්බන්ධයෙන් වැරදිකරු වී බන්ධනාගාර ගත කර ඇතැයි වාර්තා වේ.
මෙලෙස අකරතැබ්බයකට ලක් ව ඇත්තේ 63 හැවිරිදි වොලස් වෙදර්හෝල්ට් නම්  යාත‍්‍රා නියමුවෙකි.  සංචාරකයන් රැගත් සිය යාත‍්‍රාව වන උද්‍යානය තුලට පදවා ගෙන ගොස් ඇති නියමුවා සංචාරකයන් හට කිඹුලෙකුගේ සමීප දර්ශනයක් ලබා දීමේ අරමුණෙන් කිඹුලකු වෙත මත්සයෙකු දිගු කර ඇති අතර ක්ෂණයකින් වෙදර්හෝලට් කරා පැමිණි කිඹුලා ඔහුගේ  දකුණු අත කඩා ගෙන ගොස් ඇත.
ෆලොරිඩා ෆෙඩරල් නීතිය අනුව වන සතුන් හට මිනිසුන් විසින් කෘතිම ආකාරයෙන් ආහාර ලබා දීම වරදක් වන අතර ඒ අනුව සිය අතද අහිමි වූ යාත‍්‍රා නියමුවා  බන්ධනාගාර ගත කල අතර පසුව ඇප මත මුදා හරින ලදි.
වන ආරක්ෂක නිළධාරින් විසින් පසුව අත කඩා ගත් කිඹුලා මරා දමා උගේ උදරයේ තිබූ වෙදර්හෝල්ඞ්ගේ දකුණු අත සොයා ගත්තද එය නැවත ශල්‍යකර්මයක් මගින් බද්ධ කිරීමේ උත්සාහය අසාර්ථක වී ඇත.

Facebook
Twitter
LinkedIn