අද (30) කොළඹ නගර සභාවේ රැස්වීම් වාරය අතරතුරදී ශ්‍රීලනිප නාගරික මන්ත්‍රී අනුර සුජීව සෙංකොලය රැගෙන ගිය අතර සභාවාරයේ කටයුතු සම්පූර්ණයෙන් අඩාලවිය.
ජවිපෙ මන්ත්‍රී නතිඥ සුනිල් වටගල මහතා කටුවන ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ යෝජනාව සභාවේ න්‍යාය පත්‍රයට ඇතුලත් කර තිබීමත් ශ්‍රීලනිප යෝජනාවක් එයට ඇතුලත් නොකිරීමත් සම්බන්ධයෙන් විරෝධය පළකරමින් මෙසේ සෙන්කෝලය සභාවෙන් ඉවත් කර ඇත. කෙසේ නමුත් සභාවේ වැඩකටයුතු ආරම්භ කළ අතර නීතිඥ සුනිල් වටගල මහතා ඉදිරිපත් කළ යෝජනාව සභා සම්මත විය.
Views: 0









