අකුරැස්ස ප්රදේශයෙදී බාල වයස්කාර දැරියන් තිදෙනකුට අතවර කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරී කණ්ඩායමකට සැකකරුවන් වසින් ගල් ප්රහාරයක් එල්ල කර ඇතැයි වාර්තාවේ.
පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මිය ඇතුළු පිරිසකට මෙසේ ගල් ප්රහාරය දියත්කර ඇති අතර පොලිස් පරීක්ෂක වරිය මරා දමන බවටද ඔවුන් තර්ජනය කර ඇත. පසුව අසල කන්දකට නැගගත් ඔහු ප්රකාශකර ඇත්තේ තමාව හිරේ දැම්මත් බෝගහවත්ත මහත්මියගේ තරු ගලවා දමන බවය.
කෙසේ වෙතත් ත්රිරෝද රථ රියැදුරෙකු වන එම සැකකරු අකුරැස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දැරියනට අතවර කැළැයි රක්ෂිත භන්ධනාගාර ගතව සිටින අකුරැස්ස ප්රාදේශීය සභාවේ සභාපති සාරුව ලියනගේ සුනිල් නැමැත්තා මෙම අපරාධයටද සැකකරුවෙකු බව වාර්තාවේ.
Views: 0









