බුද්ධශාසන අමාත්‍යංශයේ මුදල් බර්ටිගේ ඡන්ද වැඩට

බුද්ධශාසන අමාත්‍යංශය විසින් කැකිරාව ශාසනාරක්ෂක බලමණ්ඩලයේ වෙහෙර විහාරස්ථාන නගාසිටුවීම සඳහා ලබාදුන් අධාර මුදල් උතුරුමැද හිටපු මහ ඇමති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ මැතිවරණ ව්‍යාපාර කටයුතු සඳහා යොදාගනිමින් සිටින බව වාර්තාවේ.

අනුරාධපුර කැකිරාව ශාසනාරක්ෂක බලමණ්ඩලයේ හිමිවරුන් විසින් එම ප්‍රදේශයේ විහාරස්ථාන දියුනුකර ගැනීම සඳහා මුදල් ආධාර ලබාදන ලෙස බුද්ධශාසන හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබේ. එම ඉල්ලීමට‍ අනුව බුද්ධශාසන හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යංශය විසින් කැකිරාව ආසන බලමණ්ඩලයේ එක් විහාරස්ථානයකට රුපියල් 150,000 බැගින් මුදල් ආධාර ලබාදීමට ඉදිරිපත්වී ඇත.

නමුත් එම මුදල් බර්ටි ප්‍රේමලාල් දිසානායක හිටපු මහඇමතිවර‍යා විසින් කොල්ලකාරී ලෙස බලහත්කාරයෙන් ලබාගෙන ඔහුගේ උපන් දිනය දා (ජූලි 15) කැකිරාව ආසන බලමණ්ඩලයේ විහාරස්ථානවල විහාරධිපති හිමිවරුන් ඔහුගේ නිවසට කැඳවා එහි පැවති උත්සවයකදී මුදල් ආධාර සහිත චෙක්පත‍් බෙදාදීමේ වැඩපිළිවෙළ සිදු කොට ඇත.

තවද මේ වනවිට මැතිවරණ නීති රීති උල්ලංඝනය කරමින් එම ප්‍රදේශයේම තවත් විහාරස්ථාන සඳහා විහාරස්ථානයකට රුපියල් 50,000 බැගින් චෙක්පත් බෙදා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කොට තිබේ. මෙම වැඩපිළිවෙළට ශාසනාරක්ෂක බලමණ්ඩලය විසින් විරෝධය ප්‍රකාශ කර ඇත. මේ සඳහා ඇතැම් විහාරස්ථානවල විහාරාධිපති හිමිවරුන්ද විරෝධතාවය ප්‍රකාශකොට ඇති අතර බර්ටි ප්‍රේමලාල් දිසානායක විසින් සිදුකරන මෙම විශේෂ වැඩපිළිවෙළ නිසා සංගභේදය ඇතිවීමේ අවධානමක් ද හට ගෙන ඇතැයි ශාසනාරක්ෂක බලමණ්ඩලය අනතුරු අඟවයි.

Facebook
Twitter
LinkedIn