ක්‍රීඩකයන් 7 යි – නිලධාරීන් 30 යි

 

මෙවර එංගලන්තයේ ලන්ඩන් නගරයේ දී අද (27) ආරම්භ වන ඔලිම්පික් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව කියෝජනය කරමින් ක්‍රීඩකයින් 7 ක් සහ නිලධාරීන් 30 ක් සහභාගි වී ඇතැයි වාර්තා වේ.

මෙම නිලධාරීන් අතරට ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු පිරිසක් සහභාගි වී ඇත. මෙවර ඉන්දියාව මේ සඳහා ක්‍රීඩකයින් 86 ක් සහභාගි කරවන අතර සහභාගි වන නිලධාරි ගණන 35 කි. අපේ රටේ නිලධාරීන්ගේ සහභාගිත්වය ක්‍රීඩකයන් මෙන් හතර ගුණයකි.

 

Facebook
Twitter
LinkedIn