හෝටල්වල නවාතැන් දෙන්නේ බලාගෙනයි

බාලවයස්කාර දැරියන් රැගෙන එන අයට නවාතැන් ලබාදෙන හෝටල් හා නවාතැන් පොළවලට එරෙහිව නඩු පැවරීමට පොලීසිය තීරණය කර ඇතැයි වාර්තා වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසා ඇත්තේ පසුගිය කාලයේ සිදුව ඇති ළමා අපයෝජන විශාල ප්‍රමාණයක් හෝටල් හා නවාතැන් පොළවල් තුළදී සිදුව ඇති බැවින් මෙවැනි තීරණයක් ගත් බවයි. එහෙයින් මින් ඉදිරියට බාලවයස්කාර දිරියන් රැගෙන එන අයට නවාතැන් දුනහොත් ආයතනයේ හිමිකරුට, කළමනාකරුට සහ සේවකයින්ට එරෙහිව නඩු පැවරීමට තීරණය කර ඇති බවයි.

Facebook
Twitter
LinkedIn