මීතොටමුල්ල කුණු කන්ද නායයාමත් සමග කොළඹ මහ නගරසභා බල ප්‍රදේශයේ එකතුවන කසළ බෝපිටිය, කරදියාන, දොම්පේ ආදී ප්‍රදේශයවලට බැහැර කිරීමට ආණ්ඩුව කටයුතු කළ අතර ඊට එම ප්‍රදේශවල ජනතාව දැඩි සේ විරෝධය දක්වන්නට වූහ.
එහි එක් විරෝධතාවයක් ඊයේ (21) බෝපිටියේදී පැවති අතර ඊට කලාකරුවන්, දේශපාලඥයන්, ආගමික නායකයින් ඇතුළු බොහෝ පිරිසක් එක්වී සිටියහ.
ඒ අතර ජ්‍යෙෂ්ඨ රංගණ ශිල්පී රොඩ්නි වර්ණකුලසූරිය, බස්නාහිර පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී මහින්ද ජයසිංහ, ජවිපෙ වත්තල ආසන සංවිධායක බී.අයි. ආබ්දීන් යන මහත්වරුන් සහ වත්තල ප්‍රදේශයේ ආගමික නායකයින්ද වූහ.
මෙහි අද (22) දිනයේද විරෝධතා පැවති අතර එහිදී දැඩි උණුසුම් බවක්ද ඉසිලුවේ ය.
[embedyt] https://www.youtube.com/watch?v=l4DUQqNwXl4[/embedyt]
Views: 0










