සාමාජිකයන් පත් නොකිරීම නිසා 2009 අප්‍රේල් 09 දා සිට අක්‍රියව පැවති ජාතික පොලිස් කොමිෂන් සභාව වෙනුවෙන් 2010 වසර තුළ රුපියල් තුන්කෝටි අටලක්ෂ පනස් දෙදහස් අනූහතක (30,852,097) මුදලක් නිශ්කාර්ය වියදම් ලෙස වැය කර ඇතැයි විගණකාධිපතිවරයා ප්‍රකාශ කරයි.
පොලිස් කොමිසමේ 2010 වසරේ මූල්‍ය වාර්තාවලට අනුව කොමිසම අක්‍රියව පැවතුණ 2010 වසර තුළදී වැටුප් සහ වේතන සඳහා රුපියල් අනූහත්ලක්ෂයක් (9,700,000) ද, අතිකාල හා නිවාඩු දින වැටුප් ලෙස රුපියල් අනූනවදහස් හයසියයක් (99,600) ද වෙනත් දීමනා ලෙස රුපියල් හැටහත් ලක්ෂ දාහත්දහසක් (6,717,000) ද කාර්ය මණ්ඩලයට ගෙවා ඇත. සේවා සහ මාරු කිරීම් සඳහා රුපියල් එක්කෝටි තිස්දෙලක්ෂයකට (13,200,000) අධික මුදලක් වැය වී තිබේ.
කොමිසම අක්‍රියව පැවැති සමයේ ලැබුණු මහජන පැමිණිලි 327 ක් සම්බන්ධව 2010 දී කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබූ බව ද විගණකාධිපතිවරයා ප්‍රකාශ කරයි.









