ජනතාව ගෙනයන අරගලවලට නව ජීවයක් ලබාදීමට මෙවර මැතිවරණය යොදාගන්නේයැයි ජවිපෙ උතුරුමැද කණ්ඩායම් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා පැවසීය.
සමරසිංහ මහතා මේ බව පැවසූවේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් උතුරුමැද පළාත් සභාව සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් තරඟ වදින කණ්ඩායම මාධ්‍යට හඳුන්වා දීම වෙනුවෙන් ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකදිය.
එහිදී අදහස් දැක්වූ කණ්ඩායම් නායක, අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වසන්ත සමරසිංහ මහතා පැවසූවේ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයකට තම අපේක්ෂකයින් එක වේදිකාවකට එකතු කළ නොහැකි බවත් එය කළ හැක්කේ කිසිදු ලාභ ප්‍රයෝජනයක් නොතකා ජනතාව වෙනුවෙන් දේශපාලනය කරන ජවිපෙටම පමණක් බවත්ය. වැඩි දුරටත් අදහස් දැක් වූ ඒ මහතා පැවසූවේ මේ ඡන්දය ජනතාව පෙළන දුෂිත පාලනයට විරුද්ධව ජනතාව ගෙනයන අරගල වලට නව ජීවයක් දීමේ සහ එම අරගලයේම දිගුවක් ලෙස සලකන බවයි.










