ඇමති සාලින්ද විවාහක හිමිනමට ආරක්ෂාව සපයයි

පසුගිය 11වනදා කාන්තාවක් විවාහකර ගැනීමේ සිදූවීමක් සම්බන්දව කුරුණෑගල විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් ගුරුලෑපොල ධම්ම විසුද්ධි හිමියන් අත්අඩංගුවට ගත් අතර මේ වන විට එම හිමි නම ඇප පිට නිදහස්කර ඇතැයි වාර්තාවේ.

කාන්තාවක් විවාහ කර ගැනීම, ව්‍යාජ ලේඛන සකස් කර ගිහියෙකු ලෙස පෙනී සිටීම, නීතිවිරෝධී ලෙස මුදල් නොට්ටු මුද්‍රණයකිරීම සහ නීතිවිරෝධී ලෙස ජීව උණ්ඩ තොගයක් පිරිවනේ සඟවාගෙන සීටි බවට මෙම හිමි නමට චෝදනා එල්ලවූ අතර එයට අදාල සාක්ෂිද හමුවී තිබිණ.

එම හිමියන් දේශීය වෛද්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක මහතාගේ උපදේශක හිමිනමක් වන අතර හිරිපිටිය, ධම්මචන්ද්‍ර පිරිවෙනේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙසද කටයුතු කරයි. ඇමතිවරයාගේ පූර්ණ අනුග්‍රහය යටතේ නිදහස්වී ඇති හිමියන්ගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 4දෙනෙකුද ලබාදී ඇත. ඔවුන් මේවන වි‍ටත් අදාල පිරිවෙනේ ආරක්ෂක මුරසේවයේ යෙදී සිටිති.

ආරක්ෂක රථයක් සමග විශේෂකාර්ය බලකායේ නිලධාරීන්ද එම පිරිවනේත් හිමිනමගේත් ආරක්ෂාවට යෙදවීමට අවශ්‍ය කටයුතු මේවන වි‍ටත් ඇමතිවරයා විසින් සූදානම් කර ඇතැයිද වාර්තාවේ.

මල්වතු මහා නාහිමියන් විසින් මෙම චූදිත හිමිනමට අදාල පිරිවෙන සහ පංසල තහනම් ප්‍රදේශයක් කර ඇති අතර එහි වැඩ බැලීම සඳහා වෙනත් හිමිනමක් පත්කර යවා ඇත.

කෙසේ නමුත් අදාල හිමිනම නිදහස් කරගැනීමෙන් පසු සාලින්ද දිසානායක ඇමතිවරයා විසින්ම ඔහුගේ නිලරථයෙන්ම පිරවෙන වෙත රැ‍ගෙනවිත් ඇතැයි වාර්තාවේ.

 

Facebook
Twitter
LinkedIn