කිලිනොච්චියේ විවිධ ප්රදේශවල තරුණයන්ව වෙනත් ස්ථානවලට බලෙන් රැගෙන ගොස් ත්රස්ත විමර්ශන ඒකකය විසින් පරීක්ෂා කරන බවත් එම ප්රශ්න කිරීම් අතරතුරදී ඔවුන්ට පහර දෙන බවත් ඉතා පහත් ආකාරයෙන් පරුෂවචන භාවිතා කරමින් බැනවදින බවත් වාර්තා වේ.
කිලිනොච්චි ප්රදේශයේ අක්කරායන්, ආනයි විලුන්දාන්, ස්කන්ධපුරම්, විශ්වමඩු වැනි ප්රදේශවල තරුණයන් සැක කටයුතු පුද්ගලයන් යයි පවසා එම ප්රදේශවලින් වෙනත් ස්ථානවලට රැගෙන ගොස් දැඩි පරීක්ෂණයට භාජනය කර ඇති බව දැනගන්නට තිබේ.
“කොටි සමග සිටියාද? අංශය කුමක්ද? කොපමණ කලක්ද?” යන ප්රශ්න එහිදී අසමින් තරුණයන්ව දැඩි විමර්ශනයට ලක් කරණ බවත් ඒසේ පරීක්ෂණ අවසන් වූ පසු අත්ල රේඛා, පුද්ගල ඡායාරූප, සම්පූර්ණ පෞද්ගලික තොරතුරු ලබාගෙන ඔවුන්ව ආපසු යවන බවත් වාර්තාවේ.
Views: 0









