පිල්ලෙයාන්ට අවි භාරදෙන්න වෙයි

 

නැගෙනහිර හිටපු මහ ඇමති ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සතු නීති විරෝධී ගිනි අවි අගෝස්තු 01ට පෙර පොලීස් භාරයට ගන්නා බවට මැතිවරණ කොමසාරිස්වරයා සහ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා අද (20) පොරොන්දුවී තිබේ.

මෙසේ පොරොන්දුවී ඇත්තේ මෙවර මැතිවරණයට ඉදිරිපත්වන දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් නියෝජිත හමුවේදී පක්ෂ නියෝජිතයන් විසින් මඩකලපුවේ දේශපාලන තත්වය පිළිබඳව වාචිකව ඉදිරිපත්කළ පැමිණිල්ලකට අනුවය.

හිටපු මහ ඇමතිවරයාගේ පුද්ගලික ආරක්ෂාවට වෙනමම ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් ලබාදී සිටියදී නිතිවිරෝධී ආකාරයෙන් ගිනි අවිද සහිතව පුද්ගලයින් ඔහු ළඟ තබාගෙන ඇතැයි පක්ෂ නියෝජිතයින් මෙහිදී සඳහන් කර ඇත. එමෙන්ම මඩකලපුව පුරා ඔහුගේ පක්ෂ සාමාජිකයන් ගිනි අවිද සහිතව සැරිසරණ බවත් මුළු මඩකලපුව දිස්ත්‍රික්කය පුරාම භීතිය සහ අවිබලය වපුරා ඇති බවත් ඔවුන් විසින් වැඩිදුරටත් පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසත් ඉදිරි දින 10 තුළදී පැවැත්වෙන පක්ෂ නි‍යෝජිත හමුවේදී ප්‍රගති වාර්තාවක් ලබාදෙන ලෙසත් මැතිවරණ කොමසාරිස්වරයා,‍ නියෝජ්‍ය පොලිස්පතිවරයාට පවසා ඇත.

 

Facebook
Twitter
LinkedIn