පසුගියදා සිරියානු ගුවන් හමුදා කඳවුරකට එල්ල කළ ප්රහාරය වැනි සීමාව ඉක්මවා සිරියාවට මැදිහත් වුවහොත් පූර්ණ ප්රබල යොදා ප්රතිප්රහාරයක් එල්ල කිරීමට පසුබට නොවන බව රුසියාව හා ඉරානය ඇමෙරිකාවට අනතුරු අඟවා තිබේ.
අයි.එස්. ත්රස්තවාදීන්ගේ පාලනය යටතේ පවතින ප්රදේශයකට අසාද් පාලනය රසායනික අවි ප්රහාරයක් එල්ල කළ බවට චෝදනා කරමින් ඇමෙරිකාව එල්ල කළ කෘෘස් මිසයිල ප්රහාරයට මේ වනවිට සිරියාවට පක්ෂපාතී රටවලින් බලවත් විරෝධයක් ඇමෙරිකාවට එල්ල වී තිබේ.
ඇමෙරිකාව පසුගිය සිකුරාදා එල්ල කළ ගුවන් ප්රහාරය පිළිබඳව රුසියාව සිය ස්ථාවරය ප්රකාශ කරමින් අවධාරණය කර ඇත්තේ ඇමෙරිකාව අසාද් පාලනයට රසායනික අවි චෝදනා එල්ල කරමින් ආක්රමණශීලී ලෙස කටයුතු කරන්නේ සිරියාව යුද්ධයකට ඇඳා ගැනීමේ කුමන්ත්රණයකට අනුව බවත් සිරියාවට එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් ක්රියාත්මක කළ යුතු බවයි. 











