SAITM විරෝධී පෙරමුණ පුළුල් වෙයි – වෛද්‍ය සංගම්, වෘත්තීය සමිති සමස්ත මහා වැඩවර්ජනයකට සාකච්ඡා

SAITM විරෝධී පෙරමුණ පුළුල් වෙයි – වෛද්‍ය සංගම්, වෘත්තීය සමිති සමස්ත මහා වැඩවර්ජනයකට සාකච්ඡා

එලඹෙන අලුත් අවුරුද්දෙන් පසු සයිටම් වසා දමන ලෙස ආණ්ඩුවට බලකරමින් රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එක්ව එක් දින වැඩවර්ජනයක් දියත් කිරීමට සැලසුම් කරමින් තිබෙන බව වාර්තා වේ.

මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනය වසා දමන ලෙස ඉල්ලා ගොඩනගා තිබෙන පෙරමුණට මේ වනවිට වෛද්‍ය සංගම් ඇතුළුව රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති 150කට අධික ප්‍රමාණයක් ඒකාබද්ධ වී සිටියි.

පසුගිය 07වනදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කැඳවනු ලැබූ වැඩවර්ජනයට ආයුවේද වෛද්‍යවරු, දන්ත වෛද්‍යවරු සහ පශු වෛද්‍යවරුද රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිතිද එක්වී සිටි අතර එදින කොළඹ කොටුවේ පැවති රැලියේදී ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කර සිටියේ මෙම සයිටම් අර්බුදය විසඳා ගැනීම සඳහා සියලුම වෘත්තීය සමිති ඒකාබද්ධ වූ පුළුල් මධ්‍යස්ථානයක් පිහිටවිය යුතු බවත් ඒ සඳහා සාකච්ඡා අරම්භ කිරීමට මෙම වර්ජනය පළමු පියවර කර ගත හැකි බවත්ය.

පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා සඳහන් කර ඇත්තේ ඉදිරියේදී සියලුම පාර්ශව එකතුවී මුලින්ම එක්දින වැඩවර්ජනයක් පැවැත්වීමට සාකච්ඡා පවත්වමින් සිටින බවය.

Facebook
Twitter
LinkedIn